“කුරූණෑගලට නව කර්මාන්ත ශාලා 30 ක් ආරම්භ කරනවා”

කුරුණෑගල දිස්ත්‍රික්කයට නව කර්මාන්ත ශාලා 30ක් සමගින් තරුණ ප්‍රජාවට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ මාවතගම නගරයේ පැවැති ජන රැලියක් අමතමි.

එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ පොඩි මිනිසා ශක්තිමත් කරන ගම්උදාව වැඩසටහන ද නැවත ආරම්භ කරන බවයි.

මුළු රටම එකට එක වී සිටින්නේ සාමාන්‍ය ජනතාවට සලකන පුංචි මනුස්සයාගේ රජයක් බිහිකරන බව ඔහු කියා සිටියා.

කුරුණෑගල විරැකියාවෙන් පෙලෙන අයට රැකියා ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *