කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටියේ තරුණයෙක් අතුරුදන් වීමේ සිදුවීමට අදාළව ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනා ගෙන ඇති සිඟිති නැමති පුද්ගලයා අද( 06) අධිකරණය වෙත භාර වී තිබෙනවා.

ඒ ඔහුගේ නීතිඥයින් මාර්ගයෙන්.

එහි දී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් නියෝග කර ඇත්තේ සැකකරු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගොස් අතුරුදන් වී සිටින මෙම තරුණයා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නෑ.

අදාළ සිදුවීමෙන් පසු පෙම්වතියත්, පියාත් ඇගේ 12 සහ 8 යන වයස්වල පසුවන සහෝදරියත්, සහෝදරයාත් පෙම්වතියගේ පියාගේ නැඟණියත් නැගණියගේ සැමියාත් පලාගොස් තිබුණා.

එමෙන්ම මෙසේ අතුරුදන්ව සිටින තරුණයාගේ අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගිය බවටද ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ තරුණයාව සිය දියණිය මාර්ගයෙන් පියා විසින් සිය නිවසට ගෙන්වාගෙන ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනා‍රණය වී ඇත්තේ.

එහිදී තරුණියගේ පියා විසින් ඔහුට හිතවත් දෙදෙනෙකු ද නිවසට ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නමුත් පොලිසිය ඔවුන් හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම තරුණයාගේ ජීවිතයට කිසිදු හානියක් නොකළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *