කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට

කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) දිනයේදී කුලියාපිටිය පොලිසියට කැඳවා සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේයි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 18ක් වන වස්සාවුල්ල, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිය පෙම්ව­ති­යගේ පියා­ගෙන් ලද කැඳ­වී­ම­කට අනුව පසු­ගිය අප්‍රේල් 22 වැනිදා උදෑ­සන කුලි­යා­පි­ටිය, වස්සා­වුල්ලේ පිහිටි පෙම්ව­ති­යගේ නිවසට ගිය මොහොතේ සිට අතු­රුදන්ව සිටි සුසිත් ජය­වංශ නමැති 31 හැවිරිදි තරු­ණ­යාගේ මළ සිරුර පොලි­සිය විසින් සොයා­ගනු ලබන්නේ පසු­ගිය 07 වැනිදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂි­ත­යෙන්.

මීගමුව ප්‍රදේශයේ පිහිටි සැකකරා පෙම්වතියගේ ඥාති නිවෙසක ඇය සිටින බවට ලැබුණු තොරතුරක් මත කරන ලද දැනුම්දීමක් අනුව මෙම තරුණිය ඇයගේ ඥාතියකු සමග ඊයේ කුලියාපිටිය මූලස්ථාන පොලිසියට පැමිණ තිබෙනවා.

එහිදී සැකකාර තරුණිය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, තමා අවුරුදු 15ක වයයේ පසුවන පාසල් සිසුවියක සිටියදී සුසිත් නමැති ඝාතනයට ලක් වූ තරුණයා තමාට පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට බලහත්කාරයෙන් රැගෙන ගොස් මුල්ම වරට තමාව දූෂණය කළ බවයි.

ඉන්පසුව වරින්වර තමාව දූෂණය කළ බවත්, තමන්ව මරා දමාවිය යන බියට තමා මේ බව මවුපියන්ට නොකියූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

නැවතත් වසර කිහිපයකට පසුව පසුගිය ජනවාරි මාසයේදී නිවසේ කිසිවෙකු නොමැතිව සිටි අවස්ථාවක පිහියක් පෙන්වා මරන බවට තර්ජනය කර බලහත්කාරයෙන් දූෂණය කළ බවත්, ඉන්පසුවද තමාව අවස්ථා ගණනාවකදී දූෂණය කළ බවත් මේ වනවිට 18 හැවිරිදි වියේ පසුවන එම සැකකාර පෙම්වතිය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව තමා ගැබ්ගෙන ඇති බ්ව පෙනී ගිය නිසා මේ බව ඔහුට දැනුම්දුන් පසු ඔහු තමාට බෙහෙත් පෙති වර්ග 05ක් ලබා දී ඒවා පානය කළ යුතු ආකාරය ගැන පැවසූ බවත්, ඒ අනුව එම පෙති පානය කිරීමෙන් පසු ගබ්සා වූ බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ සුසිත් ජයවංශ නැමැත්තා තවත් තරුණියක සමගද ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇයද ගැබිනියක වී ඇති බව දැනගත් පසුව ඇයගේ දරු ගැබද මෙලෙස ගබ්සාවකට ලක් කර ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

එමෙන්ම, මෙලෙස ඝාතනයට ලක්වූ සුසිත් ජයවංශ නමැත්තා මීට පෙර විවාහකව සිට බිරිඳගෙන් වෙන් වී සිටි අයෙක්.

මේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වන විට කුලි­යා­පි­ටිය පොලි­සිය සැක­ක­රු­වන් 9 දෙනෙකු අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *