කුළියට පොල් ගස් නැග්ග පස්දරු පියා පොල් ගසකින් ඇද වැටී මරුට

කුලියට පොල් ගස් නැගීමෙන් පවුලක් නඩත්තු කළ යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පදිංචි පස් දරු පියෙකු පොල් ගසකින් ඇද වැටී ඊයේ (08) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ චෙල්ලමුත්තු සිවලිංගම් (62) නැමති අයෙක්.

ඔහු යාපනයේ පුත්තූර් බටහිර ශිව කෝවිල අසල නිවෙස් හිමියෙකුගේ වත්තේ පොල් ගස් වලට නැග පොල් කඩමින් සිටියදී එක් වරම පොල් ගසෙන් ලිස්සා බිමට වැටීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අවට සිටි පිරිස වහාම ඔහුව අච්චුවේලී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් තුවාල ලද පුද්ගලයා රෝහල්ගත කරන අවස්ථාව වන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මියගිය අයගේ මෘත දේහය අච්චුවේලී රෝහලේ සිට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබුනා.

පරීක්ෂණ කටයුතු වලින් පසුව අච්චුවේලී පොලීසිය මියගිය අයගේ මෘත දේහය අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දී ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *