කෙහෙළියගේ තවත් නඩුවක් කල් යයි


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පවතින තවත් නඩුවක් නොවැම්බර් මස 29 වනදා දක්වා කල්තැබීමට අද(03) කොළඹ මහාධිකරණය නියෝග කරන ලදී.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථන සඳහා ගෙවිය යුතු රුපියල් 240,000/- කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුව මෙලෙස කැඳවීමෙන් පසුව නැවත නොවැම්බර් මස 29 වනදා නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *