කෙහෙළියගේ පෙත්සම සලකා බැලීමට දිනදෙයි

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 27වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද (11) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ, අදාල පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 27වනදා කැඳවන ලෙසයි.

පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමන්ව නඩු විභාගය අවසන්වන තෙක් බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් එම තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *