කෙහෙළිය ඇතුළු 4දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් – දෙදෙනෙකුට ඇප

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් තිදෙනෙක් එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක ඇප මත මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුවට අදාළ විමර්ශනවලදී ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් අද (08) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙම එම නියෝග නිකුත් කරනු ලැබුවේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *