කෙහෙළිය ඇතුළු 4 යළි රිමාන්ඩ්

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල් වලට බේදා හැරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ හයවන සැකකරු ජනක චන්ද්‍රගුප්ත සහ දහවන සැකකරු සමන් රත්නායක යන සැකකරුවන් දෙදෙනා ජීවිත අවධානම් තත්ත්වයක පසුවන හෘද රෝග සහ විෂාදය රෝගයෙන් පෙලෙන බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාවක් මඟින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔවුන්ව ඇප මත මුදා හැරිමට මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලාය.

මහේස්ත්‍රාත්වරිය ඇප ලබා දෙමින් සැකකරුට සෑම මසකම පලමු සහ අවසන් ඉරු දින උදෑසන 9-12ත් අතර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හා විදේශ ගමන් තහනම් කරමින් ඇප නියෝග ප්‍රකාශයට පත් කලාය.

ඊයේ (08) ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල් වලට බේදා හැරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එම නියෝගය ලබා දුන්නාය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන‍්, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සැක­ක­රුවෝ වෙති.

මෙහි සිව්වැනි සැක­කාර හිරාන් ධන­ජංය, පස්වැනි සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන යන අය පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර ඇත. එම සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටියි. එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදන යවා තිබේ.

එමෙන්ම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී දෙනවන සැකකරු වන වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මුදා හරින ලෙස අභියාචනාධිකරණ ලබාදුන් නියෝගය පරිදි ඔහුව නඩුවෙන් තාවකාලික මුදා හරින ලෙස ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට විරුද්ධත්වය පෑ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටියේ එම නඩු තීන්දුව නැවත අභියාචනාධිකරණයට යොමු කර අර්ථ නිරුපනයක් ඉල්ලිමට අවශ්‍ය බවයි.

එහිදි විනිසුරුවරිය සඳහන් කළේ එසේ අර්ථ නිරුපනයක් ඉල්ලිමට අවශ්‍ය නොවන බවත් එම නියෝගය අධ්‍යනය කර දෙවන සැකකරු මෙම නඩුවෙන් තාවකාලික මුදා හරින්නේද නැද්ද යන නියෝගය අගෝස්තු 08 වැනිදා ප්‍රකාශයට පත් කරන බව යිි.

එමෙන්ම මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ එදිනට 12වන සැකකරුගේ ඇප සම්බන්ධයෙන් ද සලකා බලන බවයි.

ඉදිරිපත් කළ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු අනෙක් සැකකරුවන් හතර දෙනා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.

සැකකරුවන් 12නා ගෙන් හත් දෙනෙකු ඇපමත මුදා හැර තිබේ. එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉතිරි සැකකරුවන් හතර දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *