කෙහෙළිය ඇප ඉල්ලූ පෙත්සම අදත් නිෂ්ප්‍රභ වෙයි

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ඉල්ලා ගොනුකළ පෙත්සම අද (03) යළිත් නිෂ්ප්‍රභ කෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය හමුවේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් හිටපු අමාත්‍යවරයා ඇප ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරුණා.

මේ අතර, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 09 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සමත් අද (03) අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී ප්‍රමාණවත් කාල වේලාවක් නොමැති වීම හේතුවෙන් අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 09 වනදා කැඳවන ලෙස නියම කලා.

පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටින්නේ පොදු දේපළ පනත යටතේ තමන්ව නඩු විභාගයේ අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් එම නියෝගය සහ පොදු දේපළ පනත යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පොදු දේපළ පනත යටතේ වූ සහතිකය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *