කෙහෙළිය ගොනු කළ පෙත්සමට නොතීසි නිකුත් කිරීම ගැන තීරණය ලබන 30වනදා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන්න පිළිබඳ තීරණය ලබන 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (09) ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් ඉදිරියේ අද සළකා බැලූ අවස්ථාවේදියි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *