කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 08 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරයට

ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 08 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඊට අදාළ නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුන්නා.

මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරතකර සිටි 11වන සැකකරුවන වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුසිත සුදර්ශනට ඇප නියම කෙරුණා.

What's your reaction?

Related Posts

1 of 746

Leave A Reply

Your email address will not be published. Required fields are marked *