කේක් කිලෝවක් 100 කින් අඩු වේ

බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් කේක් කිලෝවක මිලද රුපියල් 100 කින් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

උත්සව සමයේදී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වඩා අඩු මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.

විශේෂයෙන් උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බවත්, ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් පමණක් කේක් ඇතුලු බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පහත දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *