කේට් කුමරියට පිළිකාවක්

බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් තමන් පිළිකාවකින් පීඩා විඳින බව ප්‍රථම වරට හෙළි කර තිබෙනවා.

ඇය මේ බව හෙළිකළේ බීබීසී මාධ්‍ය හරහා නිල වශයෙන් නිකුත් කළ වීඩියෝවක් හරහායි.

ජනවාරි මාසයේ සිදු කළ උදරයේ ශල්‍යකර්මයෙන් පසු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූ තොරතුරු මත තමන් මේ වනවිට ‘කීමියෝ තෙරපි’ ප්‍රතිකාරවලට යොමුව ඇති බවයි ඇය මෙහිදී හෙළි කළේ.

බ්‍රිතාන්‍ය කිරීටයේ අනාගත උරුමකරුවන විලියම් කුමරුගේ බිරිඳ, කේට් මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවෙනවා.

තමන් පිළිකා රෝගියෙකු බව දැන ගැනීම තමන්ට විශාල කම්පනයක් වූ බව ඇය මෙහිදී ප්‍රකාශ කළා.

තමන් ඉක්මනින් සුව තත්ත්වයට පත්වන බවට දරුවන් තිදෙනාට තේරුම් කරදීමට තමන්ට කාලය අවශ්‍ය වූ බව පැවසූ කේට් කුමරිය, විලියම් කුමරු තමන්ගේ සහායට සිටීම ඇයට සුවපහසුවක් ගෙන දෙන බවද මෙහිදී ප්‍රකාශ කර සිටියා.

කේට් කුමරියට ප්‍රතිකාර සඳහා ඉහළම සුදුසුකම්ලත් වෛද්‍ය කාර්‍යමණ්ඩලයක් අනුයුක්තව ඇති අතර මේ අවස්ථාවේදී තමන්ට සහ තම පවුලට කාලය සහ පුද්ගලිකත්වයට ඉඩ අවශ්‍ය බවත් ඇය මේ වීඩියෝවේදී ප්‍රකාශ කළා.

මේ වනවිට චාල්ස් රජුද පිළිකාව සඳහා ප්‍රතිකාර ලබමින් සිටීම නිසා මෙම පුවත් බ්‍රිතාන්‍ය ජනතාවට කම්පනයක් බවට පත්ව ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *