කොට්ටාවේ මාරක අනතුරක්

කොට්ටාව හයිලෙවල් මාර්ගයේ මාර්ගයේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.

කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

යතුරුපැදිකරු බරපතල තුවාල ලැබූ අතර ඔහු කඩිනමින් හෝමාගම රෝහලට ඇතුළත්කර තිබෙනවා.

එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *