කොදෙව්වන්ට ලකුණු 134ක ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (09) පැවැත්වූ 18 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා උගන්ඩා කණ්ඩායම අතර තරගයේ දැවැන්ත ජයක් හිමි කරගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ ලකුණු 134කින්.

කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05 දැවී 173 ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි උගන්ඩා කණ්ඩායම පන්දුවාර 12තුළ සියල්ල දැවී රැස් කරනු ලැබුවේ ලකුණු 39 පමණයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *