කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති මූලික වටයේ අවසන් තරගය ලෙසින් 40 වැනි තරගයේ ජය වාර්තා කිරීමට බරහිර ඉන්දීය කොදෙව්වන් සමත් වුණා.

ඇෆ්ගනිස්ථානය සමග පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය ස්මත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව ඔවුන්ගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් මෙම තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් ලකුණු 218ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී යාමෙන්.

විශිෂ්ඨ පිතිකරණය නිරත වූ කොදෙව් කණ්ඩායමේ Nicholas Pooran පන්දු 53කදී ලකුණු 98ක් රැස් කළ අතර, ඔහුද මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරගවලින් වැඩිම ලකුණු වාර්තාකළ ක්‍රීඩකයා බවට පත්වීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 219ක දැවැන්ත පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය කොදෙව් පන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් පන්දුවාර 16යි පන්දු 02කදී සියල්ලන් දැවී ලකුණු 114ක් පමණයි රැස් කිරීමට සමත් වුණේ.

තරග 40කින් සමන්විත වූ ලෝක කුසලානයේ මූලික වටයේ තරග ඒ ආකාරයෙන් නිමාවට පත් වූ අතර, කණ්ඩායම් අටක් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.

ඒ, පළමු කාණ්ඩයේ කණ්ඩායම් ලෙස ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයත්, දෙවන කාණ්ඩයේ කණ්ඩායම් ලෙස දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය සහ එක්සත් ජනපදයයි.

තරග 12කින් සමන්විත සුපිරි අටදෙනාගේ වටයේ පළමු තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට එක්සත් ජනපදය හා දකුණු අප්‍රිකාව අතර Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *