කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා පන්දුවාර විස්ස කණ්ඩායමට විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම,හසිනි පෙරේරා,නිලක්ෂි ද සිල්වා,කවිෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි ඇතුලත්.

තරග තුනකින් යුත් කාන්තා පන්දුවාර විස්ස තරගාවලියේ සියලු‍ තරගය හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වෙන අතර පළමු තරගය හෙට උදැසන 10ට ආරම්භ වනවා.

දෙවන තරගය 26 සහ තුන්වන තරගය 28 වනදා පැවත්වෙනු ඇති.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුනට බිංදුවක් ලෙස ජයගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *