කොන්සල් කාර්යාල ප්‍රහාරයෙන් පසු ඉරාන ප්‍රතිප්‍රහාර සඳහා ඊශ්‍රායලය සූදානමින්

පසුගිය අප්‍රේල් 01 වැනිදා එනම් මීට දින 12කට පෙර සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඊශ්‍රායලය එල්ල කළ බවට සැකකෙරෙන මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතරට සිරියාවේ සහ ලෙබනනයේ ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරින් දෙදෙනෙකු සහ හමුදා ප්‍රධානීන් 05 දෙනෙකුද ඇතුළත් වුණා.

මෙම ප්‍රහාරය එල්ල වූයේ ගාසා තීරයේ යුද්ධය, මැද පෙරදිග කලාපය පුරා පැතිරීම වැලැක්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් අඛණ්ඩව සිදුකරගෙන යන පසුබිමකයි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රතිඥා දී ඇති බවයි.

අමෙරිකානු බුද්ධි අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉදිරි පැය 48 ඇතුළත ඊශ්‍රාලයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නෙ එම ප්‍රහාර හමුවේ ආරක්ෂාව සලසා ගැනීමට සූදානම් බවටයි.

ඊශ්‍රායල වැසියන්ට ඉරාන ප්‍රහාර හමුවේ ආරක්ෂාවීමට උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබුණා.

එවැනි පසුබිමක අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉරානයට අනතුරු අගවමින් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් කැප වන බවයි.

උද්ගත වී ඇති මෙම අනාරක්ෂිත වාතාවරණය හමුවේ ඉරානය සහ ඊශ්‍රායලයට සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකාව,එංගලන්තය,ඕස්ට්‍රේලියාව, කැනඩාව,ජර්මනිය සහ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින්ම අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *