කොරියාවෙන් ශ්‍රී ලංකාවට නව රැකියා

ශ්‍රී ලංකාවට යළි නැගී සිටීම සඳහා පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස තම රට සහාය ලබාදෙන බව දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ප්‍රකාශ කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර සෝල් අගනුවර ඊයේ පැවති හමුවේදී ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවෘත කරන බව කොරියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

කෘෂිකාර්මික, ඉදිකිරිම් හා වෙනත් කර්මාන්ත සඳහා ලබාදෙන රැකියාවලට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පවතින බවද කොරියානු අග්‍රාමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 842

Leave A Reply

Your email address will not be published. Required fields are marked *