කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

කොල්ලුපිටියේ අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් පරීක්ෂකවරයෙක් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව, පොලිස් වංචා විමර්ශන අංශයේ, තවත් සැරයන්වරයෙකු ඊයේ (03) අත්අඩංගුවට ගත්තා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ද එම සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළව මීට පෙර කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

එසේම සිද්ධියට අදාළව වංචා විමර්ශන අංශයේ තවත් සැරයන්වරයෙකු ද ලබන 15 වනදා දක්වා ඊයේ (02) රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *