කොලොන්නේ වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු මරුට

කොලොන්න – අප්ටන් වත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබෙනවා.

මොහු නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මෙලෙස ජිවිතක්ෂයට පත් වූයේ අවුරුදු 61 වයසැති පුද්ගලයෙක්.

මරණකරු සහ සිය බිරිද නිවසේ සිටියදී එහි පැමිණි වෙඩික්කරුවන් බිරිදගෙන් මොහු නිවෙසේ සිටීදැයි විමසා තිබෙනවා.

පසුව ඔහු නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදීයි වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇත්තේ.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාරණය වී නැහැ.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *