කොවිඩ් මළසිරුරු ආදාහනයෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවනවා

කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය අනිවාර්ය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවීම සඳහා කමිටුවක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව එරාවුර් නගරයේ පැවැති ජන රැළියකට එක්වෙමින්.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගීත්වයෙන් මඩකලපුව එරාවුර් නගර සභා ක්‍රීඩාංගනයේදී ජන රැළියක් පැවැත්වුණා.

රැළියට සහභාගී වීම සඳහා පැමිණි ජනාධිපතිවරයාට එහි රැස්ව සිටි පාක්ෂිකයින්ගෙන් හිමි වූයේ උණුසුම් පිළිගැනීමක්.

What's your reaction?

Related Posts

1 of 507

Leave A Reply

Your email address will not be published. Required fields are marked *