කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩාභාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම්

පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශනයක දී අනාවරණය වූ කරුණු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයෙකු යොදවා සිදු කරන ලද මූලික විමර්ශනයට අනුව 2024.11.04 දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියතු ප්‍රධාන ජේලර්වරයා හා ගබඩා භාරකරු වශයෙන් සේවය කළ නියාමකවරයාගේ වැඩ තහනම් කරන ලදී. සිදු කරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විදින සිරකරුවකු සමඟ අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙන විත් බන්ධනාගාර රැඳවියන්ට ලබා දී ඇති බවයි.

දූෂණ ක්‍රියාවන් වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරින් සම්බන්ධයෙන් දැඩි විනයක් ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇත. මෙවන් දූෂණ ක්‍රියාවන් වලට සම්බන්ධ නිලධාරීන් කිහිපදෙනෙකු මේ වන විට සේවයෙන් පහ කර ඇති බවද දන්වා සිටිමි

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 472

Leave A Reply

Your email address will not be published. Required fields are marked *