කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු යළි රිමාන්ඩ්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමින් යුත් විදෙස් මත්පැන් බෝතල් 1148 ක් අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නඩු භාණ්ඩ භාරකරු වන ගැමුණු සම්පත් ලබන 30වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, අදාළ නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ අද (16) කැඳවූ අවස්ථාවේදියි.

එම නඩු භාණ්ඩ භාරකරු අදාළ අනවසර මත්පැන් බෝතල් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මුල් දිනවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබාදුන් නියෝගයක් අවභාවිත කරමින් ප්‍රධාන ලේඛකාධිකාරිවරියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩු භාණ්ඩ කාමරය මුද්‍රා තබා තිබෙනවා.

එකී මුද්‍රා තැබීමට අදාළ අත්සන තමාගේ නොවන බව ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය ප්‍රකාශ ලබාදී ඇති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී ඇත්තේ.

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අත්අකුරු ඇතුලු ලේඛණ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *