කොළොන්න ඝාතන සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

ඇඹිලිපිටිය – කොළොන්න අප්ටන් වත්ත ප්‍රදේශයේ තේ වතු හිමියෙකු නිවසට පැමිණ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මිද්දෙණිය – තොරගලයාය – ඇගළුම්කර්මාන්ත ශාලාව අසළදියි. ඊයේ අත්අඩංගුවට ගත් ඔවුන් සතුව තිබී ගිනි අවි දෙකක්, බෝර 12 ජීව උණ්ඩ දෙකක්, හෙරොයින්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන්ට කොල්ලකෑම්, පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බව සඳහන්.

61 හැවිරිදි මෙම වතු හිමියා සිය බිරිඳ සමග නිවසේ සිටියදී මෙලෙස ඝාතනය කර තිබුණේ පසුගිය 9 වනදායි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *