කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

කෝටිපති ව්‍යාපාරිකයෙකුට අයත් අතුරුගිරිය ගල්වරුසාව පාරේ පිහිටි නිවසකට කිසියම් පුද්ගලයෙකු විසින් ඊයේ (09) සවස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

නවගමුව පොලීසිය පවසන්නේ අදාළ ව්‍යාපාරිකයාට අයත් එම නිවස ඉදිරිපිට මාස කිහිපයකට පෙර මල්වඩමක් ද තබා තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු නවගමුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවයි.

මහරගම පමුණුව ප්‍රදේශය විශාල ඇඟලුම් කර්මාන්තශාලාවක් පවත්වාගෙන යන මෙම කෝටිපති ව්‍යාපාරිකයාට තවත් ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් හිමි බවද පොලීසිය සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *