කෝටි දෙකක ස්වර්ණාභරණ හා විදේශ මුදල් කොල්ල කෑ කාන්තාවක් වසර එකහමාරකට පසුව අත්අඩංගුවට

යාපනයේ අනලතීව් දූපතේදී කැනේඩියානු ජාතික දෙමළ පවුලක් සතු රුපියල් කෝටි දෙකකට ආසන්න ස්වර්ණාභරණ හා විදේශ මුදල් කොල්ලකන ලද කාන්තාවක් වසර එකහමාරකට පසු යාපනය පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කැනේඩියානු ජාතික පවුල මීට වසර ගණනාවකට ඉහතදී යාපනයේ පදිංචිව සිට ඇති අතර, පසුව කැනඩාවට ගොස් එහි පුරවැසිභාවය ලබා ජීවත්ව තිබුණා.

ඔවුන් නිවාඩුවකට පැමිණි අවස්ථවේදී අනලතීව් දූපතට ගොස් පසුගිය වසරේ පෙබරවාරී මස 23 වෙනිදා හිතවතෙකු ලග නැවතී ඇති අතර, පසුව ඔවුන් සතු ස්වර්ණාභරණ හා මුදල් අතුරුදහන් වී ඇතැයි පැවසේ.

පසුව ඔවුන් යාපනය පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකපිට තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් නමුත්, ස්වර්ණාභරණ හා මුදල් පැහැර ගත් පුද්ගලයින් නිශ්චිත වශයෙන් හහදුනා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව, නැති වූ කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ නිසා සැකකරුවන් තුන්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නිදහස් කිරීමටයි යාපනය පොලීසිය පියවර ගෙන ඇත්තේ.

යාපනය පොලීසිය විසින් වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඇයගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ස්වර්ණහරණ හා මුදල් මංකොල්ලයට ඇය සම්බන්ධ බවටත්, ප්‍රධන සැකකාරිය ඇය බවටත්, පොලීසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස සොරා ගන්නා ලද ස්වර්ණාහරණ හා මුදල්වලින් ඉතා සුළු ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසියට හැකි වීම නිසා ඇය පොලීසිය තුළ රදවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට යාපනය පොලිසිය විසින් යාපනය අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන ඇති අතර, ඒ අනුව, වැඩිදුරටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *