උන්වහන්සේගේ දැක්ම යතාර්ථයක් බවට පත් කරමින් අති පූජනීය ගල්බඩ සිරි ඤාණිස්සර
අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල ජනගත කිරීමේ උළෙල සිදුකරනු ලැබුවා
2024 ඔක්තෝබර් 30 වෙනිදා කොළඹ හුණුපිටිය
ගංගාරාමය විහාරස්ථානයේදී පැවැත්විණි.
උන්වහන්සේ ගංගාරාමය විහාරස්ථානයෙහි අභිවෘද්ධිය
වෙනුවෙන් පමණක් නොව ශ්‍රී ලංකාව පුරාවටම විසිරි සිටින ඇදිය නොහැකි තරමේ තරුණ
තරුණියන්ගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනික සහ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන්
මුළු ජීවිතයම කැප කළ යතිවර නමකි.
මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටු වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සිංගප්පූරුවේ ගෝල්ඩන්
පැගෝඩා බෞද්ධ විහාරස්ථානයේ (Golden Pagoda Buddhist Temple) සහ බුද්ධා ටූත් රෙලික්
විහාරයෙහි (Buddha Tooth Relic Temple) විහාරාධිපති ගෞරවනීය මාස්ටර් හී ෆා ශාඕ (Master
Shi Fa Zhao) ස්වාමීන් වහන්සේයි. දශක තුනකට අධික කාලයක් ඤාණිස්සර හිමියන් ඉතා සමීපව
ඇසුරු කළ උන්වහන්සේ ඤාණිස්සර හිමි ගිලන්ව සිටියදී සිංගප්පූරුවේ දී ඇප උපස්ථාන පවා
කළහ. මාස්ටර් ගී ෆා ශාඕ ස්වාමීන් වහන්සේ විසින් පූජ්‍ය ගල්බොඩ සිරි ඤාණිස්සර අනුස්මරණ
ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිට වීම සඳහා ප්‍රධාන දායකත්වය සනිටුහන් කරමින් ඇමරිකානු ඩොලර්
500,000 ක මුදලක් නොමසුරුව මෙම භාරයට පරිත්‍යාග කර ඇත.
ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් වැඩිදුරටත් පැවසුවේ.
අලුතින් පිහිටුවන ලද මෙම ශිෂ්‍යත්ව අරමුදල පුජ්‍ය ඤාණිස්සර හිමියන්ගේ මෙහෙවර වූ, අනාගත
පරපුරට අධ්‍යාපනික සහ වෘත්තීය අවස්ථා පෝෂණය කිරීම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්
පිහිට වූ බවයි. දයානුකම්පාවෙන් සහ සමාජ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් පරිපූර්ණ වූ
උන්වහන්සේගේ දැක්ම, දීප ව්‍යාප්ත තාරුණ්‍යයේ සහ බෞද්ධ භික්ෂු ප්‍රජාවගේ සංවර්ධනය සඳහා
මාර්ගෝපදේශක බලවේගයක් ලෙස අනාගතයේදීත් පවතිනු ඇත. පූජ්‍ය ගල්බොඩ සිරි ඤාණිස්සර
අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ තරුණ භික්ෂූන් වහන්සේලාගේ
අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාර ලබා දෙන අතර, උගත් හා නිපුණ සමාජයක් සඳහා පූජ්‍ය
ඤාණිස්සර හිමියන්ගේ දැක්ම අඛණ්ඩව වර්ධනය වීම සහතික කරනු ඇත. මෙම අරමුදල
උන්වහන්සේගේ චිරස්ථායී උරුමයට උපහාරයක් පමණක් නොව උන්වහන්සේගේ ඉගැන්වීම් මඟින්
හැඩගැසුණු අනාගත නායකයින්ට බලාපොරොත්තුවේ ආලෝකයක් ලෙසද ක්‍රියා කරනු ඇත”.
ආභාෂය අඛණ්ඩව පවත්වාගෙන යාම…
දශක ගණනාවක් තිස්සේ, පුජ්‍ය ඤාණිස්සර ස්වාමීන්
වහන්සේගේ අධ්‍යාපනය සඳහා වූ
නොසැලෙන කැපවීම බොහෝ දෙනෙකුගේ, විශේෂයෙන් අඩු වරප්රසාදිත පසුබිමක් සහිත අයගේ
ජීවිත හැඩගස්වා ඇත. පුද්ගලයන් සහ ප්‍රජාවන් නගා සිටුවීම සඳහා අධ්‍යාපනය විසින් ඉටු කරනු
ලබන වැදගත් කාර්ය භාරය හඳුනා ගනිමින් සුදුසුකම් ඇති සිසුන්ට නොමසුරුව ශිෂ්‍යත්ව ලබා
දෙමින් වඩා හොඳ අවස්ථාවන්ට ප්‍රවේශ වීමට ඔවුන් බලගැන්වීය. මෙම සම්ප්රදාය අනුව යමින්
ගංගාරාම විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ සහ ජාත්‍යන්තර
දානපතියන්ගේ සහයෝගය ඇතිව මෙම ශිෂ්‍යත්ව භාර අරමුදල පිහිටුවා ඇත. එහි මූලික අරමුණ
පූජ්‍ය ඤාණිස්සර හිමියන් විසින් ආරම්භ කරන ලද උතුම් කර්තව්‍යය තුළින් අනාගත පරපුරට
අධ්‍යාපනයේ ප්රතිලාභ ප්‍රයෝජනයට ගත හැකි බව තහවුරු කරමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට
හැකියි. ” යැයි පූජ්‍ය, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි පැවසූහ.
අනාගත දැක්ම…
පූජ්‍ය ගල්බොඩ සිරි ඤාණිස්සර අනුස්මරණ ශිෂ්‍යත්ව භාර අරමුදල සැලසුම් කර ඇත්තේ අපොස
සා / පෙළ සහ උසස් පෙළ වැනි තීරණාත්මක ජාතික විභාග සඳහා සූදානම් වන සිසුන්ට මෙන්ම
කාර්මික හා වෘත්තීය විද්‍යාල වලට ඇතුළත් වන සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදීම සඳහා ය. අඩු ආදායම්ලාභී
පවුල් වල සිසුන්ට සහාය දී එමඟින් ළඟා කරගත හැකි ප්රතිලාභ තුළින් දරිද්‍රතාවය පිටුදැකීමට
උත්සාහ කිරීම ද මෙහි ප්‍රධාන ප්රයත්නයකි