ගංජා අරන් ට්‍රිප් ගිය ගිරිඋල්ලේ ගුරුවරු

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා ගුරුවරු පිරිසක් ගමන් ගත් බස්‍ රථයක සඟවාගෙන සිටි ගංජා පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර, ගලගෙදර පොලිස් මාර්ග බාධකයේ අද (24) සිදුකළ විශේෂ වැටලීමකදී සැකකාර ගුරුවරුන් දෙදෙනෙකු සමග ගංජා පාර්සලය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛ ”හෙන්ඩ්‍රි” යොදවා සිදුකළ පරීක්ෂාවේදී මෙම ගංජා පාර්සලය හඳුනාගෙන තිබුණා.

ගුරුවරු පිරිස රාජකාරි නිවාඩු මත ගිරිඋල්ල සිට මන්දාරම් නුවර බලා යමින් සිටි බවයි පවසා ඇත්තේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව වැටලීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

මීට පෙර දිනක කඩුගන්නාවේදී සිදුකළ මෙහෙයුමකදී කොළඹ සිට බස්රථයක සඟවාගෙන ආ නීතිවිරෝධී මත්පැන් බෝතලයක් අත්අඩංගුවට ගැනීමටද නිල සුනඛ ”හෙන්ඩ්‍රි” සමත් වුණා.

අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාංචන ගොඩකුඹුරගේ උපදෙස් මතයි මෙහෙයුම සිදුකෙරුණේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *