ගංවතුර ගැන නිවේදනයක්

ගංවතුර ජලයෙන් ස්නානය කිරීමෙන්, ඇඟ සේදීමෙන් වළකින ලෙස මෙන්ම තවත් නොකළ යුතු කරුණු ඇතුළත් කරමින් ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

මේ වනවිට ගංවතුර පවතින ප්‍රදේශවල ජලයේ හානිකර බැක්ටීරියා සහ තුවාල සිදුවිය හැකි සුන්බුන් අඩංගු විය හැකි නිසා ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතු බවට වෛද්‍යවරු දැනුම් දෙති.

තවද ගංවතුර හරහා ගමන් කරනවිට ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැනි ආසාදන වැළැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැලඳීමට හැකිතාක් උත්සාහ කරන ලෙසට ද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

තවද ගංවතුරට යටවු ප්‍රෙද්ශවල ඇති එළවළු වර්ග සහ අහාර වර්ග අනුභවයෙන් වලකින ලෙසත් රෝග වැළැක්වීම සඳහා දරුවන් සහ සුරතල් සතුන් දූෂිත ජලයෙන් ඈත් කර තබන ලෙසත් ඔව්හු දැනුම්දෙති.

යම් අවස්ථාවකදි ශරිරයට අපහසු වන ආකාරයෙන් අසනීප තත්ත්වයක් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද නොකරන ලෙසද එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන්ය.

එමෙන්ම ජලයෙන් බෝවන රෝග වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩියක් පමණවත් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය භාවිතා කරන ලෙසත් ගංවතුරෙන් යටවුණු ළිංවලින් ජලය භාවිතා කිරීම හැකිතාක් අවම කරන ලෙසද දැනුම් දී තිබේ. ආහාර ගැනීමට හෝ ආහාර පිළියෙල කිරීමට පෙර සබන් යොදා නිතරම අත් සෝදන ලෙසත් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශය නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය ජනතාවට දැනුම් දී තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *