ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 39,698 ක්

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 39,698 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 16,766 ක්.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 9928 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *