ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇති අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනයේ දිවයිනට බලපාන වාර්ෂා පතනය හේතුවෙන් මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශවල ජනතාව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස දැනුම් දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිටි.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *