ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්

ගම්පහ ප්‍රදේශ කිහිපයකට අනිද්දා පැය 11ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැණුම් දෙනවා.

මේ අනුව එදින පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැළණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

බියගම ජල පවිත්‍රාගාරයේ සිදුවන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් මෙම ජල කප්පාදුවට හේතුවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *