ගම්පොළ නොසන්සුන් කළ අනතුර

ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ පලාගොල්ල ප්‍රදේශයේදී ඊයේ (16) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පාසල් ළමුන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ පාසල් ළමුන් පිරිස විනෝද චාරිකාවක් යමින් සිටියදී මෙම අනතුර මුහුණ දී ඇති බවයි.

මෙම බස් රථයට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ අනතුර හේතුවෙන් බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් බරපතල තුවාල සිදු වී නොමැති අතර සුළු තුවාල ලැබූ කිහිපදෙනෙක් ‍රෝහල්ගත කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *