ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නිකුත් කළ  වරෙන්තු ආපසු කැඳවයි

2014 වසරේදී ජාතික බල සේනා සංවිධානය කොළඹ කොම්පඤ්ඤවීදය නිපොන් හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී
කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් වැරදි අසත්‍ය ප්‍රකාශ මාධ්‍යට පළ කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර තිබූ   බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නිකුත් කළ  වරෙන්තු ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 11 නියෝග කළාය.

උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා  මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කලාය.
මෝසම් ගොනු කරන අවස්ථාවේ ඥානසාර හිමියන් විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මීට අදාළ  පැමිණිල්ල ගොනු කර තිබුණි.

මේ සිද්ධිය ට අදාළ නඩු විභාගය ලබන 2025 වසරේ මාර්තු මස 5වනදා දක්වා කල් තැබිණි

What's your reaction?

Related Posts

1 of 311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *