ග්‍රාම නිලධාරීන් අකුරට වැඩ කළත් ඡන්දෙට සූදානම්

ග්‍රාම නිලධාරීවරුන් මැයි 14 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වුව ද මැතිවරණ රාජකාරි සඳහා ඉදිරියේදී සහභාගීවන බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හා ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ජගත් චන්ද්‍රලාල් පවසනවා.

ඒ අනුව, මේ වන විට ඔවුන් දින හයක් පෙරවරු 8.30 සිට 4.30 දක්වා පමණක් රාජකාරිය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන භාරව කටයුතු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම ආදී කාර්යයන් ග්‍රාම නිලධාරිවරයාට පැවරී ඇති රාජකාරිවන අතර, එය ඉටු කිරීමට ග්‍රාම නිලධාරීන් කටයුතු කරන බවයි ඔහු පවසන්නේ.

එසේ කටයුතු කළද මේ සඳහා ප්‍රමාණවත් දීමනාවක් ඔවුන්ට නොලැබෙන බවත්, 2009 දී කැබිනට් අනුමැතිය ද ලැබුණු නිවැරැදි වැටුප් වැඩි කිරීම ලබා දෙන ලෙසට ඔවුන් කලක පටන් ඉල්ලීම් කරන බවත්, ඔහු පවසනවා.

එමෙන්ම ඔහු සඳහන් කරන්නේ, ග්‍රාම නිලධාරීවරුන් මැතිවරණ රාජකාරි වලින් ඉවත් වුවහොත් එය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි සෘජුවම බලපාන බවයි.

මේ අතර, ප්‍රධාන වශයෙන් ග්‍රාම නිලධාරී සංගම් තුනක් තිබෙන බවත්, එම සංගම් ඒකාබද්ධව මෙම තීරණය ගෙන තිබෙන බවත්, ඔහු වැඩිදුරටත් පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *