ග්‍රීසියේ අගනුවර හදිසියේම තැඹිලි පැහැ වෙයි

ග්‍රීසියේ නුවර පිහිටා ඇති ග්‍රීසියේ දකුණු කලාපයේ අහස ඊයේ දිනයේ තැඹිලි පාට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සහරා කාන්තාරයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ගිය සුළඟ ඔස්සේ පැමිණි දූවිලි වළාකුළු හේතුවෙන් මෙලෙස අහස තැඹිලි පැහැ ඇති බව සඳහන් වනවා

හිරු බැස යන්නට පෙර දකුණු ග්‍රීසිය අඟහරු ග්‍රහයාගේ වායුගෝලය වැනි වූ බවයි ග්‍රීසියේ වැසියන් පවසා සිටියේ.

කෙසේ වෙතත් හෙට දිනය වන විට මෙම තත්ත්වය පහව යනු ඇති බවයි ග්‍රීසියේ කාලගුණික විද්‍යා අංශ පුරෝකථනය කර ඇත්තේ.

ග්‍රීසිය පුරා හමායන වියළි සුළං හේතුවෙන් පසුගිය පැය 24 තුළ රට පුරා ලැව්ගිනි 25 ක් හටගෙන ඇති බව එරට ගිනි නිවන හමුදාව වාර්තා කර තිබෙනවා.

ග්‍රීසියේ සෑම ග්‍රීෂ්ම ඍතුවකම විනාශකාරී සහ මාරාන්තික ලැව් ගිනි ඇති වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *