ගාසා තීරයේ ම්ලේච්ඡ ප්‍රහාර නවතන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්.

ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ප්‍රහාරයන් වහාම නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ දිනය්දීද ගාසා තීරයේ පාසලක් ඉලක්ක කරගනිමින් සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබූ අතර, මියගිය පිරිසෙන් හයදෙනෙකු එම සංවිධානයේ සාමාජිකයින් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අනුව හැකි ඉක්මණින් සටන් විරාමයක් ක්‍රියාත්මක කර, මනුෂ්‍ය ඝාතනයන් නැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු බවයි එහි ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටෙරස් අවධාරණය කර ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් හත්වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ 41,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලබා ඇති සංඛ්‍යාව 95,000 කට අධිකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *