ගාසා යුද්ධය ජය ගන්න ඇත්තේ තවත් එක් අඩියක් පමණ බව ඊශ්‍රායල අගමැති කියයි

ගාසා තීරයේ යුද්ධය ජය ගැනීමට ඇත්තේ තවත් එක් අඩියක් පමණක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජියන් නෙතන්යාහු පවසනවා.

හමාස් සටන්කාමීන් සමග සටන් විරාමයකට එළඹීමට පෙර සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඊශ්‍රායල – හමාස් යුද්ධය ආරම්භ වී මේ වන විට මාස 6ක් ගත වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය නවතා සටන් විරාමයකට ප්‍රවිශ්ඨ වන ලෙස ඊශ්‍රායලයට මේ වන විට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජයග්‍රාහණය අභියස සිටින මොහොතක සිය රට වැසියන් පාවා දීමට තමන් සූදානම් නොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *