ගැටළුවක් වූ ලොකු ළුෑණු මිල

දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ ව්‍යාපාරිකයින්ට බවට ගොවීන් චෝදනා කරනවා.

දේශීය ලොකු ළුෑණු ගොවියාගේ අස්වනු සදහා සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් ආනයනික ළුෑණු සඳහා රුපියල් 20ක බද්දක් පනවනු ලැබු අතර ඒ අනුව ලොකු ළුෑණු කිලෝවක විකුණුම් මිල රුපියල් 180ත් 230ත් අතර පරාසයක දැක්වුණා.

කෙසේ වුවත් ලොකුළුෑණු ගොවීන් මැසිවිලි නගන්නේ එවන් සහනයක් ලබා දුන්නද සිය අස්වනුවලට නිසි මිලක් වෙළෙඳපොළේ තවමත් නොලැබෙන බවයි.

මේ අතර වෙළඳපොළ තුළ නිසි මිලක් නොමැති වීම හේතුවෙන් බටානා වට්ටක්කා ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා.

එම ගොවීන් පවසන්නේ බටානා කිලෝවක් සඳහා වෙළඳපොලේ තොග මිල රුපියල් 60ත් 80ත් අතර පැවතීම හේතුවෙන් වගාව සඳහා වැයවන පිරියවැය පවා පියවා ගැනීමට අපහසු බවයි.

මේ අතර පලිබෝධ නාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් තඹුත්තේගම ප්‍රදේශයේ වෙළදසැලක් තුළ සිදුකල හදිසි වැටලීමකදී වම්බටු වගාව සදහා යොදන ව්‍යාජ කෘෂි යෙදවුම් පැකට් 960ක් සොයාගෙන තිබෙනවා.

ඒවායේ අලු කුඩු වලට සමාන ද්‍රව්‍යයක් තිබී හමු වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එහිදී වෙළඳසැල් හිමිකරු ඊට අදාල නිසි බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා.

මේ අතර, පොලිසිය විසින් ජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන පිටකොටුව ශ්‍රී ලංගම බස් නැවතුම්පළ අසල අලෙවිය සදහා තබා තිබු කල් ඉකුත්වු රටඉදි තොගයක් වටලා තිබෙනවා.

මෙම වැටලීම කරන අවස්ථාවෙන් පාරිභෝගිකයින්, වෙළෙන්දන් සහ පොලිසිය අතර සංවාදයක් ද ඇති වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *