ගැටළුවට ලක් වූ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය

පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීමක් පිළිබඳ ගැටළුවක් මතුවූ අතර අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ඒ පිළිබද තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අනුව, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කළින් පිටවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුව විසින් එලෙස පිටවූ බවට සැලකෙන ප්‍රශ්න තුනට අදාළ සියලුම සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, නැවත විභාගය නොපැවැත්වීමටත් නියමිත පරිදි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකර සියළු දරුවන්ගේ ශිෂ්‍යත්ව ලකුණු හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

1 of 886

Leave A Reply

Your email address will not be published. Required fields are marked *