බලයට පත් වී මාස 06ක් ගත වීමටත් පෙර හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ නියෝගය එම කවුන්සිලය නිකුත් කර ඇත්තේ එහි සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතවයි.
ඒ අනුව ව්‍යාපාරිකයෙකු වන හයිටි සෙනෙට් අපේක්ෂක ඇලික්ස් ඩිඩියර් ව එරට අග්‍රාමාත්‍ය ධූරය සදහා පත්කර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොනීල් පවසා ඇත්තේ තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවයි.