ගින්නකින් ගෘහභාණ්ඩ ගබඩාවක් විනාශයි

ගෘහභාණ්ඩ ගබඩාවක අද (24) සවස ඇති වූ හදීසි ගිනිගැනීමකින් ගෘහභාණ්ඩ නිශ්පාදන සියල්ලක්ම විනාශ වී තිබෙනවා.

වව්නියාව මරක්කාරම්පලෙයි ප්‍රදේශයෙන් මේ සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පවසන්නේ.

ගෘහ භාණ්ඩ ගබඩාව ආසන්නයේ තිබූ පැරණි නිශ්පාදන කිහිපයකට එහි හිමිකරු විසින් ගිනිතබා විනාශ කිරීමට ගත් උත්සහයකදී පැවිති සුලඟ හේතුවෙන් ගින්න ගෘහභාණ්ඩ ගබඩාවට ව්‍යාප්ත වී ඇති බවට සැකකරන බවයි පොලීසිය පැවසුවේ.

පසුව වව්නියාව නගරසභා ගිනි නිවීමේ ඒකකය යුදහමුදාව සහ ප්‍රදේශ වාසීන් එක්ව පැය 03 කට අධික කාලයකට පසුව ගින්න මැඩපැවත්වීමට පියවර ගත්තා.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගබඩාවේ තිබූ ගෘහභාණ්ඩ සියල්ලක්ම සම්පූරණයෙන් විනාශ වී තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *