සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රීඩාව කිරීමට අවස්ථාව ලබාදුන් බව කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් අනුරාධපුර – තලාව ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 03 දෙනා ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී අධිකරණය නියෝග කළේ, රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරුවන් මුදා හරින ලෙසයි.
ප්‍රදේශයේ සූදූ ක්‍රිඩාවේ නිරතවීමේ සිද්ධියකටම අදාළව සැකකරුවන් 10 දෙනෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් පොලිස් සිර මැදිරිය තුළදී ද සූදූ ක්‍රිඩාවේ නිරත වන අයුරු කිසියම් පුද්ගලයෙකු වීඩියෝගත කර එය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුනා