ගුණසිංහම් ලංකාවේ උසම පුද්ගලයා ද?

මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පුදුකුඩිඉරිප්පු, කයිවේලි ගම්මානයේ ජීවත්වෙන ගුණසිංහම් කසේන්ද්‍රන්ගේ උස අඩි 07යි අඟල් 02ක්

ශ්‍රී ලංකාවේ උසම පුද්ගලයා තමන් බවට විශ්වාස කරන බව ඔහු බීබීසී සිංහල සේවය සමග පවසා තිබෙනවා.

හිටපු කොටි සාමාජිකයකු වූ ඔහු දෛනික කටයුතු සිදු කිරීමේදී උස නිසා තමා මුහුණ දෙන තත්ත්වයන් සහ සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ගැනද බීබීසී සිංහල සේවයට පවසා තිබුණා.

“මගේ උස වැඩි නිසා මෙහෙ සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්න බැහැ. පිටරට ඒවා තමයි ගෙන්නව ගන්න වෙන්නේ.”

ත්‍රිරෝද රථ රියදුරකු වන ඔහු එම කටයුත්ත ද කරන්නේ අපහසුවෙන් බව පවසයි. ඒ ඔහුගේ උස නිසාය. බස් රථවල ගමන් කිරීමේදී ද මේ උස නිසා බලවත් අපහසුතාවන්ට මුහුණ දෙන බව ඔහු කියයි. බස් රථයක හිටගෙන යා නොහැකි බවත් එසේම ආසනයක ඉඳගෙන යෑම ද අපහසු බවත් ගුණසිංහම් කසේන්ද්‍රන් කියයි. තමා ජීවත්වන ප්‍රදේශවලදී විශේෂ පිළිගැනීමක් නොලැබුණ ද සිංහල ප්‍රදේශවලදී තමාට හොඳ පිළිගැනීමක් ලැබෙන බව ද ගුණසිංහම් කසේන්ද්‍රන් සතුටින් සඳහන් කරයි. ඔහු දෙදරු පියෙකි. සමහරු තමන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට කැමැත්තක් දක්වන බවත් ඔහු කියයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *