ගුරුවරියට මිරිස්කුඩු ගසා මාලය කඩාගෙන

ගුරුවරියකගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙළබැදි මාලයක් කොල්ලකා පලාගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පස්සර නගරයේ පාසලක සේවය කරන ගුරුවරිය පාසල නිමවීමෙන් පසුව, පස්සර වැල්ලවාය බස්‍ රථයකින් හිගුරුකඩුව, කොටමුදුනට පැමිණ අතුරු මාර්ගයක් ඔස්සේ පාගමනින් ගොස් තිබුණා.

එම බස් රථයේම පැමිණි තරුණයෙක් ගුරුවරිය පසුකර ඉදිරියට ගොස් මුවආවරණයක් පැළඳ ගුරුවරිය ඉදිරියට යළි පැමිණ තිබෙනවා.

එසේ පාලු ස්ථානයකදී එක්වරම ගුරුවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙල බැඳි මාලය කොල්ලකා දිවගොස් තිබුණා.

මෙහිදී ගුරුවරිය කෑගසන විට අසල්වාසීන් පැමිණ පලාගිය සැකකරු ලඳු කැළෑවක සැගවී සිටියදී අල්ලාගෙන තිබෙනවා.

එහිදී ගුරුවරියට අයත් මාලය සොයාගෙන තිබූ අතර එය රුපියල් 500ක ඉමිටේෂන් මාලයක් බවයි වාර්තා වුණේ.

පසුව ඉමිටේශන් මාලය සමඟ සැකකරු ගම්වාසීන් විසින් පොලිසියට බාර දුන් බවයි පැවසෙන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌවපැල්වත්ත 6 කනුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයකු බවයි හිගුරුකඩුව පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *