ගුරුවරු කොළඹ වටලයි…

වැටුප් විෂමතාව යන්ට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදු කරන උද්ඝෝෂනයේ සාමාජිකයන් ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර භුමියට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද 27 නියෝගයක් නිකුත් කළේය.

කොටුව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථාන සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරීණි.

එහි සාමාජිකයන් 15000 ක් පමණ පිරිසක් මරදාන කුරුදු වත්ත පොලිස් වසම් වල සිට කොටුව දුම්රිය ස්ථානය ට පැමිණ CTO හන්දිය, ඕල්කට් මාවත, චැතැම් පාර, චෛත්‍යය පාර, ජනාධිපති මාවත, බාලදක්ෂ මාවත ඇතුළු මාවත් ගණනාවක් ඔස්සේ ගාලුමුවදොර වෙත පැමිණීමට නියමිත බවට බුද්ධි සේවා ඇතුළු තොරතුරු ඔස්සේ සනාථ වී ඇති බවට බී වාර්තා ඉදිරිපත් කරමින් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් එම උද්ඝෝෂණ තහනම් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම නියෝගයේ පිටපත් වග උත්තර කරුවන් ලෙස නම් කර ඇති ගුරු සංගම් නියෝජිතයින් වන ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු නියෝජීතයන්ට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *