සුහුරු රාජ්‍ය සේවා ස්ථාන දිරි ගැන්වීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව Huawei Sri Lanka සමාගම විසින් පරිත්‍යාග කළ Ideahub ගුරු අභ්‍යාස විද්‍යාල වෙත පරිත්‍යාග කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පෙරවරුවේ සිදු විය
සංකේතාත්මක ලෙස ගුරු අභ්‍යාස විද්‍යාල 10ක් වෙත Ideahub ලබා දීම සිදු කෙරිණි.
මෙරට රාජ්‍ය ආයතන වෙත Ideahub ලබා දීමේ වැඩසටහන Huawei Sri Lanka සමාගමේ තාක්ෂණික අංශය මගින් ආරම්භ කර ඇති අතර, මෙම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව එම සමාගම පවසයි.