ගෙවුණු මාස තුනට තත්ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ 16 ක් භාවිතයෙන් ඉවතට…

ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, තවත් අක්ෂි දියරයක්, ලංකාවේ හැදූ දියවැඩියා පෙත්තක්, කැස්සට බොන සිරප්, කැනියුලා, ඩයලයිසිස් රසායනත් ඒ අතර….

ලංකාවේ හැදූ, රෝහල්වල රෝගීන්ට දුන් දියවැඩියා පෙත්තේ ප්‍රමිතියත් බාල බව තහවුරු වෙයි..

රිටුක්ෂුමැබ් පිළිකා ඖෂධය ප්‍රමාණවත් තොග තිබියදී හදිසි මිලදී ගැනීම් සිදුකළ බවත් තහවුරු වෙයි.

කෙහෙළිය ගියාට ප්‍රශ්න විසඳිලා නෑ..

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අල්ලස් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියයි…

ප්‍රශ්න සහගත Retuximab පිළිකා ඖෂධ ව අල්ලස් දූෂණ විමර්ශන කොම්ෂන් සභාව විමර්ශන කටයුතු ආරම්භ කරමින් ඊයේ
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකරනු ලැබීය.

මෙහිදී වෛද්‍ය සැපයුම් ඒකකයේ ත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ සම්බන්ධ දත්ත පද්ධති උපුටා දක්වමින් කරුණු සඳහන් කළ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දුන්නේ

Merapenam ප්‍රතිජීවක ඖෂධ

Tropicamide Eye drops

Calcium Gluconate

Clindamycin injection ප්‍රතිජීවක ඖෂධය

Lithium carbonate tabs

Gliclazide Tabs

Sodium bicarbonate powder
Intraocular lens
Oxytetracycline/Hydrocortisone cream
Mycolitic syrups
IV cannulas
CVP lines
Nebuliser kit

යන විශාල වපසරියක ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ, අක්ෂි දියර, වකුගඩු කාන්දු පෙරණයට භාවිතා කරන රසායන ද්‍රව්‍ය, අක්ෂිකාච, කුඩා ළමුන්ට ලබාදෙන ඇතැම් සිරප් වර්ග, චර්ම රෝග සඳහා භාවිතා කරන ක්‍රීම් වර්ග මෙන්ම
එන්නත් කිරීමේදී භාවිතා කරන කැනියුලා වර්ග
ඇතුළු ඖෂධ හා ශල්‍ය උපකරණ කාණ්ඩ දාසයක් ගෙවී ගිය මාස තුනේදී තත්ත්වයෙන් බාල බව හඳුනාගෙන භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කර ඇති බවයි.

මෙහි විශේෂත්වයක් නම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මඟින් නිෂ්පාදනය කළ රෝහල් පද්ධතියට බෙදා දෙන ලද
Gliclazide නම් දියවැඩියා පෙත්ත අදාළ කර්මාන්තශාලාවල ගුණාත්මකභාවය ගැන ප්‍රශ්න සහගත තත්ත්වයක් ඇති බැවින් වහාම භාවිතයෙන් ඉවත් කරන්නයි වෛද්‍ය සැපයුම් එකකය දැනුම් දී ඇති බවයි.

මේ අනුව මෙරට රෝහල් පද්ධතියට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ජීවිතවල වටිනාකම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දරන වගකීම සම්බන්ධව ප්‍රශ්නයක් නිර්මාණය වන බවත්
ඖෂධ නියාමන අධිකාරිය මගින්ම
හදිසි මිලදී ගැනීම් ලෙස ගෙන්වන ඖෂධ වල
ගුණාත්මක භාවය ආරක්ෂිතභාවය සහ කාරක සභාවේ සම්බන්ධයෙන් වගකීම් නොදරන බව ප්‍රකාශ කර තිබීම බරපතළ අවදානමක් මිනිස් ජීවිත කෙරෙහි යොමු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඖෂධ ගෙන්වීමේදී නියාමන අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශ බොහෝ අඩුපාඩු සිදුකරන බැවින් මෙම තත්ත්වයෙන් බාල ඖෂධ සම්බන්ධව අදාළ සමාගම් වලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම පවා දුෂ්කර වනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රමුණ සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත ඇතුළු බොහෝ නිලධාරින් රිමාන් බන්ධනාගාරයේ පසුවුවත් සෞඛ්‍ය පද්ධතියේ ප්‍රශ්න විසඳීමට වර්තමාන සෞඛ්‍ය පරිපාලකයන් කාර්යක්ෂම ලෙස මැදිහත් වන බවක් නොපෙනෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රශ්න සහගත Retuximab ඖෂධය මාස හයකට ආසන්න ප්‍රමාණයකට ප්‍රමාණවත් තොග පවතිද්දී
2022 වර්ෂයේ දෙසැම්බර් නොවැම්බර් මාසයේ දී
එන්නත් කුප්පි 2250ක් ගෙන්වීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක්
ප්‍රශ්න සහගත ඉමීනුග්ලොබිවලින් සැපයුම්කරුටම ලබා දී ඇති බවද වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඒ මහතා පෙන්වා දුන්නේය.
පසුගිය 2022 දෙසැම්බර් මස වන විට අදාළ එන්න තේ එන්නත් කුප්පි 5076 ක්ද, 2023 ජනවාරි වන විට තවත් එන්නත් කුප්පි 4774 ක් ද මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ තිබී බව තහවුරු වී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

එවන් තත්ත්වයක් තුළ හදිසි මිලදී ගැනීමක් ලෙස සිදුවූ මෙම ගනුදෙනුවේදී ගෙන්වන ලද පිළිකා නාශක ඖෂධය තුළ
Monoclonal antibody නම් අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු රසායන ප්‍රෝටීනය නොමැති වීම නිසා එය ඖෂධයක් ලෙස සැලකිය නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අනුව චේතනාන්මිතව රටේ පොදු මහජනතාවට ආර්ථික අලාභයක් ද
මෙම ඖෂධ භාවිතා කළ පුද්ගලයන්ගේ ජීවිත හානි වීමට වැඩි අවස්ථාවක්ද නිර්මාණය වී ඇති බැවින්
මෙම ගනුදෙනු වලට සම්බන්ධ සියලු දේශපාලකයින් සහ නිලධාරීන්ට උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අල්ලස් කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *