ගොවි වෘත්තිය සමිතිවලට අධිකරණ නියෝගයක්

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, කිරි ගොවීන් සුරැකීමේ මධ්‍යස්ථාන ඇතුලු වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසකට කොළඹ මාර්ග කිහිපයකට ඇතුලු වීම වළක්වාලමින් කොටුව සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණවලින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඔවුන් අද පස්වරුවේ කොළඹදි සිදු කිරීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මහජන පීඩාවක් ඇති වන බවට පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුවයි.

අධිකරණ නියෝගය අනුව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුලු වෘත්තිය සමිති සාමාජිකයින්ට ටෙක්නිකල් හන්දිය, ඩීන්ස් පාර ඉබ්බන්වල හන්දිය, ගාමිණිහෝල් හන්දිය ඇතුලු ප්‍රදේශවලට ඇතුලු වී විරෝධතාවයේ නිරත වීම තහනම් වනු ඇති.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *